Gossips

බලය පිහිටුවීමට එජාපයේ සහය ලබා ගැනීම ගැන පරීක්ෂණයක් – හිටපු ජනපති

ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගලදී ඊයේ (03) මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
පසුගියදා සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය කිසිදු විද්‍යාත්මක පදනමකින් සිදුකර නොමැති බවට ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහිදී ආණ්ඩුවට චෝදනා කළා.