Gossips

බලපිටියේ සිට පොතුවිල් දක්වා මුහුදු තීරය 23 වනදා තෙක් රළුවේ

අද (21) සිට 23 වනදා දක්වා බලපිටිය සිට මාතර හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශය තරමක් රළු විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එබැවින් ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් පසුවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මෙම දින කිහිපය තුල මුහුදු රළ මීටර් 2 ක් 3 ක් පමණ ඉහළ යාහැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. .
එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල – මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 2 න් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.