Gossips

බලපෑම්වලට යටත් නොවන්නැයි ජනපති රජයේ සේවකයන්ට කියයි

නීතිවිරෝධී කටයුතු සහ අක්‍රමිකතා පිළිබදව කුමන බලපෑම් එල්ල වුව ද රාජ්‍ය නිලධාරින්ට ඊට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා.
යහපාලනය යන වචනය කොතෙක් භාවිත කළත් මෙරට රාජ්‍ය පාලනය පිරිසිදු වූ බවට සහතිකයක් මෙතෙක් ජනතාවගෙන් ලැබී නොමැති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
රාජ්‍ය නිලධාරින් කෙරෙහි තමා පූර්ණ විශ්වාසයක් තබා ඇති බව ද, ජනාධිපතිවරයා සදහන් කළේ නව අමාත්‍යාංශ ලේකම්වරුන් දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති කාර්යාලයේදී ඊයේ එක්වෙමින්.