Gossips

බලපත්‍ර යටතේ වාහන ආනයනයට යළි අවසර

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම සහ විදේශ සංචිත පිරිහීම හේතුවෙන් බලපත්‍ර යටතේ වාහන ආනයනයට පැනවුණු සීමාවන් ක්‍රමානුකූලව ඉවත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ අනුව තීරු බදු රහිත වාහන ආනයනය සඳහා පසුගිය වසරේ සැප්තැම්බර් 30 වන දාට පෙර ලබා ගත් වාහන බලපත්‍ර සඳහා ලබන ජුනි 1 වන දායින් පසු ණයවර ලිපි විවෘත කළ හැකියි.
එමෙන්ම ඔක්තෝම්බර් 1 වන දායින් පසුව ලබා ගන්නා බලපත්‍ර සඳහා ඕනෑම දිනෙක ණයවර ලිපි විවෘත කළ හැකි බවයි මුදල් අමාත්‍ය මංගල සමරවීර වැඩිදුරටත් කියා සිටියේ.