Gossips

බලපත්‍ර නොමැති මත්පැන් බෝතල් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

උත්සව සමයේ අලෙවි කිරීමට සුදානම් කර තිබු බලපත්‍ර නොමැති මත්පැන් බෝතල් තොගයක් සමග අයෙකු ඊයේ (13) හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බගවන්තලාව කැම්පියන් නගරයේ නිවසක් තුල මෙම මත්පැන් බෝතල් තොගය සගවා අධික මිලකට අලෙවි කිරිමට සුදානම් කර ඇති බවටයි පොලිසියට තොරතුරු ලැබී තිබුණේ.
ඒ අනුව සිදුකළ වැටලිමේදි සැකකරු සන්තකයේ තිබි මෙරට නිෂ්පාදිත මත්පැන් බොතල් 71 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.