බගවන්තලාව – කොටියාගල වත්ත එන්සී කොටසේ බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 44 ක් සහ 41 හැවිරිදි බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක්.
සැකකරුවන් පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, ඔවුන් අනිද්දා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
