Gossips

බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි හත්දෙනෙකු අත්අඩංගුවට

බගවන්තලාව – පෙට්ට්‍රාසෝ වත්තේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බගවන්තලාව පොලීසියට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් මෙම පිරිස බලංගොඩ ප්‍රදේශයේ පදිචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ඔවුන් අවුරුදු 21 ත් 32 ත් අතර වයස්වල පසුවන්නන් වන අතර අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.