Gossips

බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ 3 දෙනෙකු අත්අඩංගුවට

බොගවන්තලාව – තෙරේසා වතු යායේ බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ බොගවන්තලාව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔවුන් වයස 18ත්, 21ත් අතර වයස්වල පසුවන්නන් වන අතර, බොගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.