Gossips

බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ 5ක් බගවන්තලාවේදී අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු බගවන්තලාව – කැම්පියන් වත්ත ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ බගවන්තලාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
ඔවුන් අවුරුදු 21, 22, 34, 35 සහ 36 යන වයස්වල පසුවන්නන් වන අතර, කැම්පියන් වත්ත ප්‍රදේශයේම පදිංචිකරුවන් වන බව සඳහන්. සැකකරුවන් අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.