Gossips

බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ තිදෙනෙකු අත්අඩංගුවට

බගවන්තලාව – කොටියාගල වතුයායේ බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී මැණික් ගැරීමට උපයෝගී කර ගන්නා උපකරණ තොගයක් ද තම භාරයට ගත් බවයි බගවන්තලාව පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් 28 සහ 49 යන වයස්වල පසුවන බගවන්තලාව හා පානදුර ප්‍රදේශවල පදිංචිකරුවන්.