Gossips

බලපත්‍ර නොමැතිව මත්පැන් ප්‍රවාහනය කළ සැකකරුවෙක් අත්අඩංගුවට

බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයකින් මත්පැන් බෝතල් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු ඊයේ (01) ගිනිගත්හේන ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ලඟ තිබී දේශීය මත්පැන් බෝතල් 24 ක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් තොගය,මෝටර් රථය සහ සැකකරු අද (02) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.