Gossips

බලපත්‍ර නොමැතිව දැව ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව දැව තොගයක් ළඟ තබාගත් ලී මෝල් හිමිකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුලතිව් විශේෂ කාර්ය බලකා කඳවුරට ලද තොරතුරක් මත ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වැටලීම සිදුකරන අවස්ථාවේ ලී මෝල තුළ තිබී බලපත්‍ර නොමැතිව ඉරණ ලද පළු වර්ගයට අයත් දැව තොගයක් තිබී ඇති අතර, එය කිලිනොච්චිය අඩවි වන කාර්යාලය වෙත භාරදී තිබෙනවා.