Gossips

බලපත්‍ර නොමැතිව ගව මස් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව ගව මස් කිලෝ ග්‍රෑම් 4500 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ආණමඩුව පොලීසිය විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ඇත්තේ පල්ලම – ආඩිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
මේ ලොරි රථයේ තිබී ඝාතනය කරන ලද ගවයින් 17 දෙනෙකුගේ හිස සහ සම් කොටස් ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
ගවයින් ඝාතනය කර ඇත්තේ කුමන ස්ථානයේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැටලීම සම්බන්ධයෙන් ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.