Gossips

බලපත්‍ර නොමැතිව ගවයින් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අරලගංවිල දී අල්ලයි

අරලගංවිල – දම්මින්න ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව හිංසාකාරී ලෙස ගවයින් ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමකදී මොවුන් ප්‍රවාහනය කරමින් සිටි ගවයින් 17 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබුණා.
පසුව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සැකකරුවන් සහ ගවයින් අරලගංවිල පොලිස් ස්ථානයට භාර දුන් බවයි පෙලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.