Gossips

බලපත්‍ර නොමැතිව අලෙවි කළ මත්පැන් තොගයක් දැලේ

ඇල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් බලපත්‍රයක් නොමැතිව මත්පැන් අලෙවි කළ සංචාරක හෝටල් සහ ලැගුම්හල් කිහිපයකට නීතිමය පියවර ගැනීමට සුරාබදු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඌව පළාත් සහකාර සුරාබදු කොමසාරිස්වරයාගේ නියෝග අනුවයි වැටලීම සිදුකර ඇත්තේ.
මොණරාගල සහ බදුල්ල සුරාබදු අධිකාරී කාර්යාලවල නිලධාරීන් මෙන්ම බණ්ඩාරවෙල, බදුල්ල සහ මොණරාගල සුරාබදු ස්ථානවල නිලධාරීන් 23 ක් පමණ වැටලීමට සහභාගී වී තිබෙනවා.
මෙහිදී බලපත්‍ර නොමැතිව අලෙවි කළ බීර ටින් සහ බෝතල් 800 ක් මෙන්ම දේශීය සහ විදේශීය මත්පැන් තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කළ හෝටල්වලට එරෙහිව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතයි.