Gossips

බලපත්‍ර කොන්දේසි කඩ කරමින් මසුන් ඇල්ලූ 15 ක් අත්අඩංගුවට (ඡායාරූප)

නීති විරෝධීව බලපත්‍ර කොන්දේසි කඩ කරමින් මසුන් ඇල්ලීමේ නිරතවූ ධීවරයන් 15 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්‍රිකුණාමල නාවික කඳවුරේ නිලධාරීන් සහ ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව අද මෙම වැටලීම සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කින්නියා සහ ජමාලියා ප්‍රදේශවලදී අත්අඩංගුවට පත්වු ධීවරයන් වැඩිදුර විමර්ශණ සඳහා ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාරදී තිබෙනවා.
මෙම ධීවරයන් සතුව තිබු යාත්‍රා සහ අනවසර දැල් ද නාවික හමුදා භාරයට ගෙන ඇතැයි සඳහන්.

ඡායාරූප – ත්‍රිකුණාමලය අබ්දුල් සලාම් යාසීම්