Gossips

බලධාරීන්ගේ නෙත් පෑදූ හිරු CIA

මා ඔයට මුදා හැරුණු මාවනැල්ල මුලික රෝහලේ මල අපවහන පද්ධතියේ ගැටලුවට මාස දෙකක් ඇතුලත විසදුම් ලබාදෙන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය පවසනවා.
ඇය සඳහන් කළේ හිරු සී.අයි.ඒ අනාවරණයෙන් පසුව ඊට කඩිනම් විසදුම් ලබාදීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි.
මාවනැල්ල මුලික රෝහලේ මළල මුත්‍ර ඇතුළු අප ජලය මා ඔයට මුදා හරින බවට හිරු සී.අයි.ඒ. හරහා අප පසුගිය 14 වැනිදා දර්ශන සාක්ෂි සහිතව පෙන්වා දුන්නා.
කෙසේ වෙතත්, අපගේ අනාවරණය පිළිබදව වැඩිපුරම සිත් රිදී තිබුනේ හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතාටයි.