බලංගොඩදී අත්අඩංගුවට ගත් සාමාන්‍ය පෙළ විභාගයට ජංගම දුරකතනයක් භාවිත කරමින් පිළිතුරු ලියූ පෞද්ගලික අයදුම්කරු සහ ඔහුට සහය වූ ගුරුවරිය ඇපමත මුදාහැර තිබෙනවා.
ඒ, සැකකරුවන් බලංගොඩ මහේස්ත්‍රාත් දුමින්ද මුදුන්කොටුව හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී එක් අයෙකු රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහරින ලෙසයි නියෝග කර ඇත්තේ.
සැකකාර ගුරුවරිය එම ප්‍රදේශයේ පාසලක සේවය කරන අතර, 20 හැවිරිදි වියේ පසුවන පෞද්ගලික විභාග අයදුම්කරු සිව්වන වතාවට සාමාන්‍ය පෙළ විභාගයේ ඉංගී්රසි විෂය සඳහා මෙලෙස පෙනී සිට තිබුණා.
