Gossips

බලංගොඩ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ, උඩඇල්ලෙපොල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් එහි ගමන්කළ පුද්ගලයන් දෙදෙනා මියගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ බලංගොඩ මස්සැන්න ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු සහ බලංගොඩ රෝහලේ සේවකයෙකු ලෙස කටයුතු කරන 40 හැවිරිදි පුද්ගලයෙකුයි.
රිය අනතුරෙන් තුවාලලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු බලංගොඩ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා කොළඹ ජාතික රෝහලට මාරු කිරීමෙන් පසුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
සිද්ධියට සම්බන්ධ බස් රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.