Gossips

බලංගොඩ දරුවා ගැන තවමත් තොරතුරක් නෑ

බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ දස හැවිරිදි දරුවා අතුරුදන්ව අදට මසක් ගත වනවා.
කෙසේ වුවත් දරුවා සොයා බලංගොඩ පොලිසිය සිදු කරන පරීක්ෂණ අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මකයි.
බලන්ගොඩ සමනලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සහන් ධර්මසිරි නැමති දරුවා අතුරුදන්ව තිබුණේ පසුගිය මස 20 වැනි සිකුරාදා පස්වරුවේ සිටයි.
සහන් අවසන් වසරට දැක තිබුණේ ඔහුගේ පාසල් මිතුරන් කිහිපදෙනෙකු විසින්.
දරුවා සොයා පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දින ගණනාවක් මෙහෙයුම් කටයුතු සිදු කළද මෙතෙක් දරුවා පිළිබඳ තොරතුරක් අනාවරණ වී නැහැ.
දස හැවිරිදි වියේ පසුවූ සහන් ධර්මසිරි ඉගෙනුම ලැබුවේ සමනලවත්ත විද්‍යාලයේ පස්වන ශ්‍රේණියේයි.