Gossips

බලංගොඩ දරුවා ගැන තවමත් තොරතුරක් නැහැ

බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි දරුවා අතුරුදන් වී මේ වනවිට දින හතරක කාලයක් ගතව ඇතත් මේ දක්වා ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.
දරුවා සොයා යුද හමුදාව, පොලීසිය සහ ගම්වාසීන් අදත් මෙහෙයුම් දියත් කල අතර එහිදි දිවියකු විසින් මරා දැමූ බවට සැකකෙරෙන ගෝනෙකු ගේ සිරුරක් හමුවී තිබෙනවා.
බලංගොඩ සමනලවත්ත විදුහලේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලැබු සහන් ධර්මසිරි නැමති මෙම දරුවා පසුගිය 20 වනදා පාසල නිමවී නිවසට පැමිණ දර කැඩීමට ගොස් සිටි සිය පියා සෙවීම සඳහා යැයි පවසමින් අසල වනයට ගොස් තිබුණා.
පියා නිවසට පැමිණියද දරුවා නොපැමිණිම හේතුවෙන් කලබලයට පත් දෙමව්පියන් බලංගොඩ පොලිසියට පැමිණිලි කිරිමෙන් පසුවයි සෝදිසි මෙහෙයුම් ආරම්භ කෙරුනේ.
50 දෙනෙකුගෙන් යුත් හමුදා කණ්ඩායමක් සමනලවත්ත සහ හුණුවල කන්ද රක්ෂිතයේ අද දිනයේත් මෙහෙයුම් සිදුකල ද දරුවා සොයාගැනීමට නොහැකි වූ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේ‍්‍රඩියර් සුමිත් අතපත්තු සඳහන් කළා.