Gossips

බලංගොඩදී ලොරියක් පෙරලී දෙදෙනෙක් මරු තුරුලට (ඡායාරූප)

බලංගොඩ – කිරිඳිගල ප්‍රදේශයේදී දැව පටවාගත් ලොරියකට යටවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී, තවත් දෙදෙනෙකු තුවාල ලබා ඊයේ (17) බලංගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෙම ලොරි රථය දැව පටවාගෙන කන්දක ධාවනය වෙමින් තිබියදී රියදුරුට රථය පාලනය කර ගත නොහැකිව පසුපසට ඇදී ගොස් ඇති බව සඳහන්.
එහිදී එම ලොරි රථය පිටුපස ගමන් කළ සිව් දෙනෙකු ලොරි රථයෙන් බැස, පිටුපස රෝදවලට ආධාරක තැබීමට යාමේදී එම රථය පෙරලී යාමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 38 සහ 57 යන වයස්වල පසුවන්නන්.

(ඡායාරූප – බලංගොඩ රෝහණ වසන්ත)