Gossips

බලංගොඩදී ලොරියක් පෙරලී දෙදෙනෙක් මරු තුරුලට

බලංගොඩ – කිරිදීගල, ආනන්ද මෙත්ගම ප්‍රදේශයේ දී ලොරි රථයක් පෙරලීමෙන් සිසුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (18) රාත්‍රීයේ සිදුවූ මෙම අනතුරන් තවත් පුද්ගලින් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පෙරලී ගිය ලොරි රථයට යටවීමෙන් අදාල මරණයන් සිදුව ඇති අතර මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ බලංගොඩ, මුගුනමලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි සිවිදරු පියෙක් සහ 35 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.
අනතුරෙන් තුවාල ලැබූවන් බලංගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.