බලංගොඩ පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියෙකුට පහරදුන් පුද්ගලයෙකු බලංගොඩ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවුරුදු 32 ක් පමණ වන මෙම සැකකරු බලංගොඩ ප්රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම පුද්ගලයා ගමන් ගත් කැබ් රථයක්ද පොලීසිය භාරයට ගෙන ඇති අතර, එහි තිබී ගිනි අවියක්ද සොයාගෙන තිබෙනවා.
පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා මේ වනවිට බලංගොඩ රෝහලේ ප්රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.