ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායක අද (06) සමත් වුණා.
ඒ කිලෝග්‍රෑම් 69 බර පන්තිය යටතේ කිලෝග්‍රෑම් 297ක් ඔසවමින්.
ඒ අනුව, ශ්‍රී ලංකාව මේ වනවිට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම් 02ක් සහ රිදී පදක්කමක් දිනා ගෙන තිබෙනවා.
සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ සිට හිරු ප්රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ ඉන්දික දිසානායක කියා සිටියේ තමාගේ තාක්ෂණික ක්‍රියාවලියේ දෝෂයක් හේතුවෙන් රන් පදක්කම ලබා ගැනීමට නොහැකි වූ බවයි.
