Gossips

බයිසිකල් දම්වැල් සමඟ සාපෙළ සිසුන් 3ක් අත්අඩංගුවට

බයිසිකල් දම්වැල් කිහිපයක් රැගෙන පැමිණි අම්පාර – උහන ප්‍රදේශයේ පාසලක සිසුන් තුන් දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන් තිදෙනෙකු බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් සිදුකළ දැනුම්දීමකට අනුව පොලීසිය අද පෙරවරුවේ සිසුන් 3 දෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔවුන් කිසියම් කලහකාරී කටයුත්තක් සඳහා මෙම බයිසිකල් දම්වැල් රැගෙන විත් ඇති අතර, පසුව ඔවුන් පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.
මේ අතර, මත්ද්‍රව්‍ය රැගෙන පාසලට පැමිණි අම්පාර – උහන – වෑරන්කඩවල ප්‍රදේශයේ පාසලක තවත් සිසුන් 9 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන අවවාද කර පසුව නිදහස් කර තිබුණා.