බණ්ඩාරවෙල – ඇල්ල – ආරුක්කු පාලම ආසන්නයේදී අද පෙරවරුවේ එල්ල වූ බඹර ප්රහාරයකින් සංචාරකයින් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් අතර විදේශීය සංචාරකයින් 10 දෙනෙකු ද සිටින බවයි පොලීසිය සදහන් කළේ.
තුවාල ලැබූ පිරිසෙන් 18 දෙනෙකු දෙමෝදර ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉතිරි දෙදෙනා බදුල්ල මහරෝහල වෙත මාරු කර යවා තිබෙනවා.