Gossips

බඹරු පාසලක අධ්‍යාපනයට බාධා කරයි

පන්ති කාමර තුළ බඹර කූඩු බැඳ තිබීම හේතුවෙන් වවුනියාව – බණ්ඩාරිකුලම – විපුලානන්ද මහා විද්‍යාලයේ දරුවන්ට අධ්‍යයන කටයුතු කර ගෙන යාමේ ගැටලූ මතුවී ඇති බවට වාර්තා වනවා.
පාසලේ පන්ති කාමර 5 ක බඹර කූඩු තිබීම හේතුවෙන් ළමයින් ඒවා තුළ අධ්‍යයන කටයුතු සිදුකරගෙන යාමට බියක් දක්වන බවයි වවුනියාව හිරු වාර්තාකරු සදහන් කළේ.
මෙම පාසලේ ළමයින් 2000 ක් පමණ අධ්‍යාපනය ලැබුව ද මෙම ගැටලූවට විසදුම් ලබා නොදීම හේතුවෙන් අද පාසල වෙත සිසුන් පැමිණ ඇත්තේ සීමිත පිරිසක්.
මේ සම්බන්ධයෙන් වව්නියාව – බණ්ඩාරිකුලම – විපුලානන්ද මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වවුනියාව, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම්වත් කර තිබෙනවා.
හිරු ප්‍රවෘත්ති අංශය වවුනියාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.එම්.රාධා ක්‍රිෂ්ණන්ගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ මෙම ගැටලූව සම්බන්ධයෙන් ප්‍රදේශය භාර ආපදා කළමනාකරණ ඒකකය දැනුම්වත් කර ඇති බවයි.
අද රාත්‍රියේදී මෙම බඹර කූඩු ඉවත් කිරිම සිදුවනු ඇති බවට විශ්වාස කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.