Gossips

බඹරකන්ද ඇල්ලේ සුන්දරත්වය වනසන වන විනාශය

වන සංහාරකයින්, විල්පත්තුව අවට පරිසර පද්ධතියට සිදු කළ විනාශය මෙන්ම මෙරට තැනින් තැන සිදුවන වන විනාශයන් හිරු සී.අයි.ඒ. හරහා අප හෙළි කලේ වරක් දෙවරක් නොවේ.
බලධාරීන් මුණිවත රකිද්දීල මුදල්ට පමණක් ලොබ බදිනා මිනිසුන් මේ වනවිට බඹරකන්ද දිය ඇල්ලේ සුන්දරත්වය විනාශ කිරීමට ද පිඹුරුපත්
සකසමින් සිටිනවා.
අද සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබදවයි.
බදුල්ල, දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අඩි 790 ක් උඩ බඹරකන්ද දිය ඇල්ල මෙරට උසම දිය ඇල්ලයි.
කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයෙන් පැමිණ කළුපහන ප්‍රදේශයට ලගා වු විට මනරම් බඹරකන්ද දිය ඇල්ල දැක ගත හැකියි.
පසුගිය දිනක සංචාරක මගපෙන්වන්නෙකු හිරු සී.අයි.ඒ වෙත හෙළි කලේ බඹරකන්ද දිය ඇල්ල පාමුල ගස් කපා දමා එහි විශාල පරිසර හානියක් සිදු කර ඇති බවයි.
ඒ අනුව හිරු සී.අයි.ඒ. කණ්ඩායම අදාල ප්‍රදේශයට ලඟා වී එහි දර්ශන ලබා ගත්තා.
වසර 150 ක් පමණ පැරණි දැවැන්ත ගසක් මෙන්ම සාමාන්‍ය ප්‍රමාණයේ තවත් ගස් බොහොමයක් විනාශ කර ඇති අයුරු හිරු සී.අයි.ඒ කණ්ඩායම නිරීක්ෂණය කළා.
එහිදී හෙළි වුණේ ප්‍රදේශයේ විහාරස්ථානයකට අයත් බව කියන බඹරකන්ද දිය ඇල්ල පාමුලම පවතින මෙම භූමිය හෝටලයක් ඉදිකිරීම සදහා බදු දීමට මෙලෙස හෙළි පෙහෙළි කර ඇති බවයි.
අප ප්‍රදේශවාසීන්ගෙන් ද මේ පිළිබද තොරතුරු ලබාගත් අතර ඔවුන් පැවසුවේ රජයේ නිලධාරීන් නොමැති සෙනසුරාදා හා ඉරිදා දින වල මෙම වන විනාශය සිදු කර ඇති බවයි.