Gossips

බම්බලපිටියේදී කාන්තාවකට අයුතු සංඥා කළ ත්‍රිරෝද රථ රියදුරා රිමාන්ඩ්

පසුගිය දිනක මහමඟදී කිසියම් ලිංගික හිංසනයකට ලක්වූ කාන්තාවක් අන්තර්ජාලයට එක් කළ දර්ශන කිහිපයක් හිරු ටී. වී. ප්‍රවෘත්ති ඔස්සේ අප පසුගියදා ඉදිරිපත් කරමින් බලධාරින්ගේ අවධානයට යොමුකළා.
ඒ අනුව, අදාළ සැකකරු ඊයේ අත්අඩංගුවට ගැණුනු අතර ඔහු අප්‍රේල් පළවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටයි අලූත්කඬේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ.
ගාලූපාරේ – බම්බලපිටිය ප්‍රදේශයේ ආලෝක සංඥා පුවරුවක් අසලදී ත්‍රිරෝද රථ රියදුරෙකු ඇඟිල්ලක් උපයෝගී කරගනිමින් කාන්තාවක් වෙතට අභිනයෙන් ලිංගික සංඥාවක් සිදුකර ඇගේ අවධානය ලබා ගැනීමට උත්සාහ කර තිබෙනවා.
ආලෝක සංඥා වෙනස් වූ පසුත් අදාළ ත්‍රිරෝද රථයේ රියදුරු, කාන්තාව ගමන් ගත් රථය සමඟ සමාන්තරව ගමන් කර අසංවර ලෙස හැසිරෙමින් දුරකථන අංකය ඉල්ලා සිටින ආකාරය කාන්තාවගේ ජංගම දුරකථනයේ දර්ශනවල ද සටහන් වී තිබුණා.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණ වීමෙන් පසු බම්බලපිටිය පොලීසිය විසිනුයි අදාළ සැකකරු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ.