Gossips

බඳින තුවක්කුවක් පත්තුවීමෙන් අඩවි වන නිලධාරීවරයෙක් තුවාල ලබයි

අකුරැස්ස දෙදියගල අතුගහදොල රක්ෂිතයේදී වන ක්ෂේත්‍ර නිලධාරියෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා තිබෙනවා.
අද (01) උදෑසන රාජකාරි කටයුත්තක් සඳහා ක්ෂේත්‍ර නිලධාරීන් දෙදෙනෙකු ගමන් කරමින් සිටි අවස්ථාවේදී රක්ෂිතයේ සතුන්ට අටවා තිබු තුවක්කුවක් පත්තු වීමෙන් එම නිලධාරිවරයා බරපතළ තුවාල ලබා ඇතැයි සඳහන්.
මෙලෙස තුවාල ලබා ඇත්තේ අකුරැස්ස අඩවි වන කාර්යාලයේ අනයුක්තව සේවය කළ වන ක්ෂේත්‍ර නිලධාරියෙක්.
එම නිලධාරියා ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අකුරැස්ස පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.