අනුරාධපුර – ඉපලෝගම – ඉඳිගහවැව ප්රදේශයේ කැළෑවකදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඔහු එප්පාවල – ඇදගල ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
අද පෙරවරුවේ ලැබුනු තොරතුරකට අනුවයි පොලිසිය සිරුර සොයාගෙන ඇත්තේ.
ඒ ඉපලෝගම රත්මල්ගහවැව ආසන්නයේ තිබියදීයි.
බඳින තුවක්කුව පත්තු වීමෙන් ඔහු අද අලුයම මියයන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.
සිද්ධිය පිළිබඳ ඉපලෝගම පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.
