Gossips

බඳින තුවක්කුවක් පත්තුවීමෙන් වේවැල් දළයා තුවාල ලබයි (ඡායාරූප)

දඹුල්ල – දිගම්පතහ රක්ෂිතයෙහි සැරිසරන අවුරුදු 15 ක් වයසැති වේවැල් දළයා හස්තියා වෙඩි වැදීමකින් තුවාල ලබා තිබෙනවා.
වේවැල් දළයාගේ් එක් අතකට බඳින තුවක්කුවක් පත්තුවීමෙන් මෙලෙස තුවාල ලබා ඇති බවයි සීගිරිය වනජිවි කාර්යාලයේ ප්‍රධානී වන අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්. බණ්ඩාරනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් බැහැර කරන එළවලු ආහාරයට ගැනීම සඳහා මෙම රක්ෂිතයෙහි සැරිසරන වනඅලීන් 06 දෙනෙකු පමණ පැමිණෙන අතර පසුගිය දින කිහිපයේදී මෙම අලින් එම ස්ථානයට නොපැමිණ ගම්වැදී ඇති බවයි සීගිරිය වනජිවි ප්‍රධානී වන අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්. බණ්ඩාරනායක වැඩිදුරටත් සඳහන් කළේ.
එහිදී ගම්වාසීන් විසින් බඳින ලද තුවක්කු පත්තු වීමෙන් මෙම සතුන් තුවාල ලබා ඇති අතර ඔවුන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකරන බව ද ඔහු සදහන් කළා.

ඡායාරූප – දඹුල්ල, කාංචන කුමාර