Gossips

බඳින තුවක්කුවක් පත්තුවී සිවිල් ආරක්ෂක භටයෙකු මරුට

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ කුඩාවිලච්චිය ප්‍රදේශයේදී වන සතුන් දඩයම් කිරීමට අටවා තිබූ බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් සිවිල් ආරක්ෂක බලකායේ භටයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ (28) සිදුවී ඇති මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ සිවිල් ආරක්ෂක බලකායේ විල්පත්තුව කඳවුරේ සේවය කරන භටයෙක්.
සිය සොහොයුරා සමග මී කැඩීම සඳහා ගිය අවස්ථාවේදී මොහු මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.
28 හැවිරිදි මොහු මහවිලච්චිය වම් ඉවුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.