තොප්පිගල රක්ෂිත වනය ආශ්‍රිත ප්‍රදේශයකදී බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් තරුණයෙකු මියගොස් තිබෙනවා.
වැවක මසුන් මැරීම සඳහා යමින් සිටි සොයුරන් දෙදෙනෙකු අතරින් අයෙක් අත තිබු බඳින තුවක්කුවක් මෙලෙස ක්‍රියාත්මක වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 26 හැවිරිදි වැඩිමහල් සොහොයුරා වන අතර ඔහු එක්දරු පියෙක්.
මෘත ශරීරය චෙන්කලඩි රෝහලේ තැන්පත් කර තිබෙනවා.
සිද්ධියට අදාළව මියගිය තරුණයාගේ සොහොයුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර කරදියනාරු පොලිසිය විමර්ශන මෙහෙයවනවා.
