Gossips

බන්ධනාගාර නිලධාරින් ගැන කොමසාරිස් කතා කරයි

මරණ දඩුවම නියම වී බන්ධනාගාරයේ සිටිමින් තවමත් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් දේශපාලනඥයින් තවමත් විවිධ අදහස් පළ කරනවා.
නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා කියා සිටියේ එම තීරණය ක්‍රියාත්මක කිරීමේ ගැටලූවක් නොමැති බවයි.
පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ බන්ධනාගාර අපරාධ සහ අනෙකුත් කටයුතු සිදුකෙරෙන මූලස්ථානයක් බවට පත්ව ඇති බවයි.
බන්ධනාගාර නිලධාරින්ට එල්ල වන එම චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී ධනසිංහ කොළඹ අද පැවති උත්සවයකදී අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ බන්ධනාගාර නිලධාරින්ට ද වැඩි අවදානමක් පවතින බවයි.
දෙපාර්තමේන්තුවට විවේචන එල්ල කරන්නේ නම් ඒවා ක්‍රියාවෙන් ඔප්පු කිරීමට එම පුද්ගලයින්ට ශක්තිය ලැබේවායි ද ඔහු ප්‍රාර්ථනා කළා.