Gossips

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පොලිස් ඒකකයක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ බන්ධනාගාර පොලිස් ඒකකයක් පිහිටුවන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල පවසනවා.
පසුගියදා බන්ධනාගාර බුද්ධි අංශ විසුරුවා හැරීමට පියවර ගැනීමත් සමඟයි මෙම තීරණය ගෙන ඇත්තේ.
මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පසුගියදා කාන්තා රැඳවියන් පිරිසක් වහලය මත නැගී සිදුකළ විරෝධතාවය පිළිබඳව ද කරුණු පැහැදිලි කර තිබෙනවා.
නඩු කඩිනම් කිරීමට නීතිපති , රස පරීක්ෂක හා පොලිස් දෙපාර්තමේන්තුව වැනි ආයතන සමඟ සාකච්ඡා කර අවශ්‍ය මැදිහත්වීම් සිදුකළ හැකි බව කාන්තා රැඳවියන්ට දැනුම් දුන් බවයි එහි සඳහන් වන්නේ.