බන්ධනාගාරයේ සෝදිසි මෙහෙයුම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කර තිබෙනවා.
ඊට අදාළ විශේෂ සාකච්ඡාවක්ද අද දිනයේදී පවත්වා ඇති බවටයි වාර්තාවන්නේ.
එමෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කිහිපදෙනෙකු වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් යන බන්ධනාගාරවලට ගොස් පරීක්ෂා කිරීමක්ද සිදුකර තිබෙනවා.
බන්ධනාගාරවලට නීතිවිරෝධී ද්‍රව්‍ය ගෙනයාම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බව සඳහන්.
