ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ සිසිර ජයකොඩි අද යලි මුදල් අමාත්‍යාංශය වෙත පැමිණියා.
ඒ, මුදල් අමාත්‍යාංශය ප්‍රචාරක දැන්වීම් සඳහා කරනු ලබන වියදම් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලා තිබූ තොරතුරු පිළිබඳව විමසීම සඳහායි.
මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංගගෙන් ඉල්ලා තිබූණේ මීට සති දෙකකට පෙරයි.
එහෙත් එම තොරතුරු නොලැබීම හේතුවෙන් අද යලි ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හමුවී ඇති අතර එහිදී පොරොන්දු වී ඇත්තේ අද දිනයේ ම අදාල තොරතුරු ලබාදෙන බවටයි.
