සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් ඇමරිකානු ඩොලරයේ අගය රුපියල් 200 දක්වා ඉහළ යාම කිසිවෙකුටත් නතර කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ කොළඹ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.
