Gossips

බන්දුලට අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රතිචාර

එක්සත් ජාතික පක්ෂය නව වසරේ මාධ්‍ය මර්දනයට පෙළ ගැසී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ මෙම චෝදනාව පිළිකුල් සහගතව හෙළා දකින බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.