Gossips

බන්දුලගෙන් ආණ්ඩුවට අභියෝග 5ක්

උදා වූ 2019 වසර සුබ නව වසරක් කර ගැනීමට ආණ්ඩුවට අභියෝග 5ක් ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථීක පර්යේෂණ ඒකකය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අනුව ඩොලරයට ගෙවන මුදල රුපියල් 200 දක්වා වැඩිවීම සිංහල අලුත් අවුරුද්දට පෙර වැළැක්වීම, රටේ ජාත්‍යන්තර සංචිත ඉහළ දැමීම, ඉහළ ගොස් ඇති පොලී අනුපාත තනි ඉලක්කමකට ගෙන ඒම, සිංගප්පූරු ගිවිසුම ඇතුළු රටට අහිතකර ගිවිසුම් නතර කිරීම සහ රාජ්‍ය අයවැය හිඟය 2020 වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 3.5ට ගෙන ඒමට කටයුතු කළ යුතු බව බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.