Gossips

බන්දුලගෙන් අභියෝගයක්

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනුකර ඇති අවස්ථාවක තීරුබදු නිදහස් කිරීමට කැබ්නට් අනුමැතිය ලබා දුන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් රටට හෙළි කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුම ජනතාව වෙනුවෙන් අත්සන් කරන ගිවිසුමක් බවයි සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියා සිටියේ.
මේ අතර, හම්බන්තොට වරාය සැදීම සඳහා පසුගිය රජය චීනයෙන් අල්ලස් මුදලක් ලබා ගත්තේ නම්, සිදුකළ යුත්තේ ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.
ඒ, කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.