Gossips

බදු වැඩි කිරීමෙන්, සීනි ආනයනකරුවන් තුන් දෙනෙකුට මිලියන 600ක ලාභයක්

සීනි කිලෝවක බදු මුදල රුපියල් 17යි ශත 50කින් ඉහළ දැමීමට පෙර ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සීනි ආනයනය කර ඇති බවට පවසමින් ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනු කිරීමට සීනි ආනයනකරුවන් තීරණය කර තිබෙනවා.
සීනි මෙටි‍්‍රක් ටොන් 60,000කට අධික ප්‍රමාණයක් ව්‍යාපාරිකයන් තිදෙනෙකු පමණක් සීනි බදු මුදල් ඉහළ දැමීමට පෙර මෙරටට ගෙන්වා ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
අදාළ සීනි තොග අලෙවි කළහොත් ඔවුන්ට රුපියල් මිලියන 600ක ලාභයක් හිමි වන නිසා ඒ තුළ ජාවාරමක් සිදුවී ඇත්ද යන්න පිළිබදව සොයා බලන ලෙසට ඉල්ලමිනුයි සීනි ආනයනකරුවන් ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනු කිරීමට සැලසුම් කර ඇත්තේ.