ජනතා විවේචන මධ්‍යයේ වුවද බදු වැඩි කිරීමට සිදුවූයේ බංකොලොත් නොවී රට ඉදිරියට ගෙන යාමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
ණය බරින් රට නිදහස් කරලීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ විකල්පය තෝරා ගැනීම සිදුවූයේ ඒ නිසා බවයි බදුල්ල – චෙන්කල්අඩි මාර්ගයේ, බිබිල සිට චෙන්කල්අඩි දක්වා කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.
