Gossips

බදු පැනවීම හැර ආණ්ඩුවට විකල්පයක් නෑ – හිටපු ජනපති

සියල්ලටම බදු පැනවීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නොමැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.
කඩවත පැවති පුණ්‍යෝත්සවයකදී හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළකළා.
කඩවත ඉහළ බියන්විල ශ්‍රී සෝමවර්ධනාරාමයේ ප්‍රතිසංස්කරණය කෙරුණු බුදුමැදුර සඟ සතු කිරීම අද පස්වරුවේ සිදුවූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින්.