Gossips

බදු පනත ජයග්‍රහණයක් බව මහ බැංකු අධිපති කියයි

රට තුළ කුමන දේශපාලන අස්ථාවර බවක් පැවතියද රජය නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිවල පිහිටා කටයුතු කළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ඉදිරි මූල්‍ය ප්‍රතිපත්ති පැහැදිළි කිරීම සඳහා මහබැංකු පරිශ්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
‘‘දිගුකාලීන දේශපාලන අස්ථාවරවත්වයක් නම් එය සෑහෙන්න බලපෑමක් ඇති කරයි. ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි මුළු ලෝකයේම තත්ත්වය එයයි. නමුත් ඇත්තටම සති කිහිපයක අස්ථාවර තත්ත්වයක් දක්නට ලැබුණත් දැන් වඩාත් වැදගත් වන්නේ යම් ආකාරයක ස්ථාවරත්වයක් තිබීම. දේශපාලනය ඉදිරියට එයි. නමුත් ආණ්ඩුව නිසි පරිදි ක්‍රියාත්මක විය යුතුයි. වඩාත් වැදගත් වන්නේ ආණ්ඩුවකට හොඳ ප්‍රතිපත්ති, මූලික සේවාවන් සැපයීම සහ සංවර්ධන ව්‍යාපෘතීන් ඉදිරිපත් කිරීමට හැකිවීම. පැහැදිළිවම සන්ධාන ආණ්ඩුවක විවිධ මත තිබෙනවා. නමුත් සාධනීය තත්වය වන්නේ වැට් සම්බන්ධයෙන් වුණත්, හම්බන්තොට වරාය සම්බන්ධයෙන් වුණත් දේශීය ආදායම් පනත සම්බන්ධයෙන් වුණත් අපි දුටුවා ප්‍රබල විපක්ෂයක් ඉන්නවා. ජනතාව අධිකරණය හමුවට ගියා. විරෝධතාවල නිරතවුණා. ආණ්ඩුව අභ්‍යන්තරයේත් මත ගැටුම් ඇතිවුණා. නමුත් ආෘණ්ඩුවට හැකිවුණා ඒවා ඉදිරියට ගෙන යන්න. දැඩි වෙනස්කම් සමඟ වැට් බදු පැනවීමටත්, දේශීය ආදායම් පනත සම්මත කරගැනීමටත් හම්බන්තොට ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන්නත් මේ ආණ්ඩුව සමත්වීම ජයග්‍රහණයක්. ආණ්ඩුව පෙන්වල දීලා තිබෙනවා. ඔවුන්ට දැඩි තීරණ ගත හැකි බව. නමුත් ඒක සන්ධාන ආණ්ඩුවකට පහසු ක්‍රියාමාර්ගයක් නොවෙයි.’’