Gossips

බදු ක්‍රමය සරළ කිරීම ඇතුලූ යෝජනා කිහිපයකට කැබිනට් අනුමැතිය

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ කෘෂිකාර්මික ප්‍රවර්ධනය වෙනුවෙන් මූල්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම බදු ක්‍රමය සරල කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුණා.
මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර, ඒ යටතේ තේ, රබර්, වී, එළවළු සහ පළතුරු ව්‍යවසායකයන් වසර 5 ක කාලයක් ආදායම් බදුවලින් නිදහස් කෙරෙනවා.
එසේම බැංකු ණය ලබාගෙන ඒවා ගෙවීමට නොහැකිවී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බලගැන්වීම සඳහා වන වැඩසටහනක්ද මෙහිදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.