පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් රජය ලබාදුන් පොරොන්දු ප්‍රකාරව ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කළහොත් පෙට්‍රල් ලීටරයක් රුපියල් 101 කට ලබාදිය හැකි බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව සදහන් කළේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
