විවිධ ක්ෂේත්‍රවලට පනවා ඇති බදු අඩු කරන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේදී මුදල් අමාත්‍ය මංගල සමරවීරගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ රජය මගින් පනවා ඇති බදු හේතුවෙන් ඇතැම් ව්‍යාපාරවලට ද බාධා එල්ල වී ඇති බවයි.
එබැවින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් බදු ප්‍රතිපත්තිය ලිහිල් කරන ලෙසට මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ එම පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අරලිය ගහ මන්දිරයේදී රැස්වුණා.
